ජින්තුපිටිය ප්‍රදේශයේ නිරෝධායනයට යොමු කල පුද්ගලයින්ගේ PCR වාර්තාව එයි (වීඩියෝ)

Saturday, 04 July 2020 - 13:59

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+PCR+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%91%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොටහේන - ජින්තුපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිතයෙකු හමුවීමත් සමග නිරෝධායනයට යොමු කල පුද්ගලයින් 50 දෙනෙකුගේ PCR පරික්ෂණවලින් ඔවුන්ට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

මේ අතර මෙරටින් වාර්තා වූ වෛරසය ආසාදනය වූවන් 1885 දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 174 දෙනෙකු පමණයි.

කොටහේන ජින්තුපිටිය ප්‍රෙද්ශයෙන් කොවිඩ් 19 ආසාදිතයෙකු හදුනාගැනීමත් සමග කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කල 154 දෙනාගෙන් 50 දෙනෙකුගේ PCR පරික්ෂණ සිදු කර තිබෙනවා.

එම පිරිසට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවට පරික්ෂණ වාර්තා වලින් තහවුරු වී ඇතත් ඔවුන් සති දෙකක කාලයක් තවදුරටත් නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර, පසුගිය මැයි 23 වැනි දින මඩකලපුව රෝහලේ සිට ඉතා අසාද්‍ය තත්ත්වයෙන් කොලඹ IDH රෝහලට මාරු කර එවූ කොවිඩ් ආසාදිත වසය අවුරුදු 62 ක කාන්තාවක් පූර්ණ සුවය ලබා එම රෝහලෙන් පිටව ගියා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories