දකුණු චීන මුහුදට ඇමරිකානු යුද නෞකා

Saturday, 04 July 2020 - 15:13

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F
චීනය විසින් නාවික අභ්‍යාස සිදුකරන දකුණු චීන මුහුදට ඇමරිකානු යුද නෞකා දෙකක් පිටත් කර යවා තිබෙනවා.

යූ.එස්.එස් නිමිට්ස් සහ රොනල්ඞ් රේගන් යන යුද නෞකා දෙක මෙලෙස එහි අභ්‍යාසයක නිරත වූ බවයි ඇමරිකානු නාවික හමුදාව නිවේදනය කළේ.

දෙපාර්ශවයේ යුද නෞකා මෙලෙස දකුණු චීන මුහුදේ අභ්‍යාස වල නිරත වන්නේ ඇමරිකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික ඝට්ටනය උත්සන්න වී ඇති මොහොතකයි.

විශේෂයෙන් කොරෝනා වෛරසයේ ආරම්භය පිළිබඳව ජනපති ට්‍රම්ප් චීනයට නිරන්තරයෙන් චෝදනා කරන අතර, හොංකොං හි පනවනු ලැබූ නව චීන ආරක්ෂක නීතිය ද ඇමරිකාවේ උදහසට ලක්වූ කරුණක්.

දකුණු - චීන මුහුදේ සියයට 90 ක පමණ කොටසක් චීනය විසින් ආධිපත්‍යය පතුරුවා ඇත්තේ අසල්වැසි රටවල් රැසකින් එල්ල වන විරෝධතා මධ්‍යයේයි.

චීනය සිය නාවික අභ්‍යාසය ක්‍රියාත්මක කරන පාර්සල් දිවයින් වලට වියට්නාමය ද අයිතිය කියාපානවා.