දරුවන් පාසල් එවන දෙමව්පියන්ට වගකීම් දෙකක්

Saturday, 04 July 2020 - 19:29

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%91%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ වසා දැමුණු පාසල් දින 105 කට පසු පසුගිය 29 වනදා සිට විවෘත කළ ද අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන්නේ අනිද්දා සිටයි.

පළමු අදියර යටතේ පසුගිය සතිය තුළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා සුදුසු පරිසරය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සකස් කිරීම සාර්ථකව සිදුකෙරුණු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද සඳහන් කළා.

විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ගුරුවරුන් මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් සහ පාසල් කළමනාකරණ මණ්ඩල සාමාජිකයින් පමණක් පසුගිය සතියේ පාසල් වෙත කැඳවා පාසල් පරිශ්‍රයන් පවිත්‍රකරණය, විෂබීජහරණය සහ ගිලන් කාමර සකස් කිරීම මෙන්ම, අත සේදීම සඳහා පහසුකම් සැකසීම සිදුකෙරුණා.  

අනිද්දා සිට අධ්‍යයන කටයුතු සඳහා 5,11 සහ 13 යන ශ්‍රේණිවල සිසුන් පාසල් වෙත කැදවීමට නියමිතයි.

13 වන ශ්‍රේණියේ සිසුන් උසස් පෙළ විභාගයටත් පෙනී සිටින හෙයින් ඔවුන්ට පාසල් කාලය උදෑසන 7.30 සිට 3.30 දක්වා ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද සඳහන් කළේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පාසල් කාලය සුපුරුදු පරිදි උදෑසන 7.30 සිට 1.30 දක්වා ක්‍රියාත්මකයි.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ එම කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා බලය විදුහල්පතිවරුන්ට පවරා ඇති බවයි.

පාසල්වලට පැමිණෙන දරුවන්ට පානය කිරීම සඳහා ජල බෝතලයක් සහ මුඛ ආවරණයක් ලබාදීමේ වගකීම පමණක් දෙමව්පියන් සතුවන වන බවයි ලේකම්වරයා කියා සිටියේ.

අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමෙන් පසුව සෑම ගුරුවරයෙකුම පාසල් ආරම්භ කෙරෙන පෙරවරු 7.30 ටම පැමිණීම අනිවාර්ය නොවන අතර, එම ගුරුවරයාට ඉගැන්වීමට නියමිත විෂය පැවැත්වෙන කාලපරිච්ඡේදයට විනාඩි 30 කට පෙර පාසලට පැමිණීම ප්‍රමාණවත් වනවා.

10 සහ 12 ශ්‍රේණි සඳහා තෙවන අදියර යටතේ පාසල් ආරම්භ කෙරෙන්නේ ජුලි මස 20 වනදා සිට වන අතර, හතරවන අදියර යටතේ ජුලි 27 වන දා 3,4,6,7,8 සහ 9 යන ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීමට නියමිතයි.

පළමු සහ දෙවන ශ්‍රේණිවල සිසුන්ට පාසල් යළි ආරම්භ කරනු ලබන්නේ අගෝස්තු 10 වනදා සිට බවයි අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළේ.

මේ අතර, අනිද්දා සිට පාසල් වල අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමත් සමඟ පාසල් ළමයින් ප්‍රවාහනය කරන රථවාහන විෂබීජහරණය කිරීමේ වැඩසටහනක් පොලීසියේ මැදිහත්වීමෙන් ආරම්භ කර තිබෙනවා.

එහි පළමු අදියර ලෙස කැළණිය පොලිස් බලප්‍රදේශයේ ලියාපදිංචි පාසල් ප්‍රවාහන සේවා රථ 200 ක් විෂබීජහරණය කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories