ඉන්දියාව මත්තල ගුවන්තොටුපල අතහැර ඇති බව අගමැති කියයි (වීඩියෝ)

Saturday, 04 July 2020 - 19:43

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD+%E0%B6%85%E0%B6%AD%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සම්බන්ධයෙන් ඉන්දියාවට පැවති බලාපොරොත්තුව මේ වනවිට ඉවත්ව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

බෙලිඅත්ත ප්‍රදේශයේ අද පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා එහිදී අදහස් පළ කරමින් කියා සිටියේ මේ වනවිට ඔවුන් කණ්ඩායම් දෙකකට වෙන්ව ඇති බවයි.

ඒ හේතුවෙන් ඔවුන් සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසයක් නොමැති බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මේ අතර තංගල්ල නගරයේ ඉදිකරන ලද ආරෝග්‍යා පෞද්ගලික රෝහල අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවුරුවේ විවෘත කෙරුණා.

එහීදී ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් අත්වාරු සහ රෝද පුටු පරිත්‍යාග කෙරුණේ අග්‍රාමාත්‍යවරයා අතින්.

එමෙන්ම ලංකා ලුණු සමාගමේ සේවකයින්ගේ දිනක වැටුප කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සුරක්ෂණ අරමුදලට ප්‍රදානය කිරීම ද අද සිදු වූ අතර ඊට අදාළ චෙක්පත ලුණු සමාගමේ සභාපති නීතීඥ නිශාන්ත සඳබරණ මහතා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත භාරදෙනු ලැබුවා.

මේ අතර වීරකැටිය වත්තේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ තවත් ජනහමුවක් පැවැත්වූණු අතර ඓතිහාසික මුලකිරිගල විහාරස්ථානයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමටද අග්‍රාමාත්‍යවරයා එක්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories