දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)

Saturday, 04 July 2020 - 20:45

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B6%9C%E0%B6%BD+%E0%B6%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+CIA+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන බැතිමතුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන ලෙස ඔවුන්ව නිරීක්ෂණය කිරීමට අන්‍යාගමික පුද්ගලයෙකු සවිකර තිබු සී.සී.ටී.වී. කැමරා පද්ධතිය ගලවා දැමීමට එහි හිමිකරුට සිදුවුණා.

හිරු සී.අයි.ඒ. මේ පිළිබඳව අවස්ථා කිහිපයකදී රටට හෙළි කළ අතර සිද්ධිය සම්බන්ධ පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

ඓතිහාසික මාවනැල්ල දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන ඔවුන්ව නිරීක්ෂණය කිරීම සදහා
අන්‍යාගමිකයෙකු විසින් සී.සී.ටී.වී. පද්ධතියක් සවිකර තිබුණේ මේ ආකාරයෙන්.

අදාළ පුද්ගලයා පළාත් සභා මැතිවරණයකට ද තරග කර ඇති අතර ඔහු නමින් තාහීර් හාජියාර් නැමැත්තෙක්.

අදාල මැතිවරණ සමයේ ඓතිහාසික දෙවනගල ගල්තලාවේ පුරා විද්‍යාත්මක වටිනාකම තඹයකටවත් මායිම් නොකළ ඔහු මෙලෙස තම ප්‍රචාරක කටයුතු කර
තිබුනේ එකල මෙරට නීතිය ක්‍රියාත්මකවීම පිළිබදව සිතන්නට යමක් ඉතිරි කරමින්.

බැතිමතුන් නිරීක්ෂණය කිරීමට ඔහු ආරක්ෂක කැමරා පද්ධතිය සවි කිරීමත් සමග තවත් පුද්ගලයෙකු එය අනුගමනය කරමින් දෙවනගල භාරකාර හිමියන් වැඩවසන ආවාසගෙයට යන එන පුද්ගලයන්ද නිරීක්ෂණය කිරීමට තවත් සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් සවිකර තිබුණා.

කෙසේ වෙතත්, දෙවනගල පුදබිම අවට පැතිරගිය මේ අමුතු ඔත්තු බැලීමේ ක්‍රියාවලිය හිරු සී.අයි.ඒ.හරහා හෙළිකිරීමත් සමග ඒ පිළිබද මාවනැල්ල පොලිසියේ
අවධානයද යොමුවුණා.

පොලිසියේ අවවාද කිරීම් මත අදාල නිවෙස් හිමියාට සිදුවුණේ CCTV කැමරා පද්ධතියේ දිශාව මෙලෙස වෙනස් කිරීමටයි.

මාවනැල්ල පොලිසිය විසින් පෙරේදා දෙවනගල පුරාවිද්‍යා ස්මාරකයට යන මාර්ගයේ සවිකර තිබු ආරක්ෂක කැමරා පද්ධතිය පිළිබදව මාවනැල්ල අධිකරණයට කරුණු වාර්තා කළ අතර ප්‍රශ්නගත ආරක්ෂක කැමරා පද්ධතිය ගලවා පොලිසියට භාරදෙන ලෙස අදාළ පුද්ගලයාට නියෝග කෙරුණා.

ඒ අනුව ඊයේ අදාළ ආරක්ෂික කැමරා හා උපාංග පොලිස් භාරයට ලබාගත් අතර තාහීර් නම් සැකකරු අත්අඩංගුවටගෙන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළා.

සිද්ධිය පිළිබද පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක අතර මාවනැල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස්
කරන ලෙසයි.

මෙලෙස දෙවනගල උරුමයට එරෙහි බලපෑම් වෙත නීතිය ක්‍රියාත්මක වීම අගය කළ යුත්තක්.

එමෙන්ම දෙවනගල පුරාවිද්‍යාත්මක භූමියේ අයිතිය පිළිබඳව ඉදිරියේදීත් හිරු සී.අයි.ඒ. අවධානයෙන්.