උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)

Saturday, 04 July 2020 - 21:26

%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A++%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B0+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් විවිධ අදහස් පළ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක රොෂාන් රණසිංහ ජන හමුවක් අමතමින් සඳහන් කළේ පරාජයේදී එක්ව සිටි කණ්ඩායම මතක තබා ගත යුතු බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද ජන හමුවක් අමතමින් අදහස් පළ කළා.

ඔහු පෙන්වා දුන්නේ දේශපාලන වේදිකාවේ කෑගසනු ලබන්නේ චෝදනා ඇති පුද්ගලයන් බවයි.

වැල යා යුතු අත  තීරණය කර එම දිශාවට මැස්ස ගැසූ බව විමල් වීරවංශ ජන හමුවක් අමතමින් කියාසිටියා.

මේ අතර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රවි කරුණානායක සජිත් ප්‍රේමදාස ලබාදෙන බව කියන රුපියල් විසි දහසේ දීමනාව පිළිබඳ අදහස් පළකළා.

ජාතික සමගි බලවේගයේ අපේක්ෂක නලින් බණ්ඩාර සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ට ගමකට ගොස් රැස්වීමක් හෝ පැවැත්වීමට නොහැකි බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ඇති හැකියාවක් පිළිබඳ රෝහිත අබේගුණවර්ධන අදහස් පළකළා.