යතුරු පැදියක් ගසක ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට

Sunday, 05 July 2020 - 6:54

%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
කිළිනොච්චිය - අක්කරායන්කුලම ප්‍රදේශයේදී යතුරු පැදියක් ගසක ගැටී යතුරුපැදියේ ගමන් ගත් තරුණයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අක්කරායන්කුලම පොලීසිය පවසන්නේ අධික වේගය පාලනය කරගැනීමට නොහැකි වූ යතුරු පැදිය මාර්ගයෙන් ලිස්සා ගොස් ගසක වැදී ඇති
බවයි.

මෙසේ මියගොස් ඇත්තේ කිළිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි එස්.කුමාර් නැමති අයෙක්.

මියගිය තරුණයාගේ මළ සිරුර අක්කරායන්කුලම රෝහල වෙත ගෙන ගොස් ඇති අතර අක්කරායන්කුලම පොලීසිය මෙම අනතුර පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.