ඊයේ දිනයේදී ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2074 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ වාර්තා වූ ආසාදිතයින් බංග්ලාදේශය, කටාර්, මැඩගස්කරය සහ ඇමරිකා එක්සත් ජනපදයේ සිට දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් බවයි.
රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් කොරෝනා ආසාදිතයින් විසි දෙදෙනෙකු ඊයේ පිටව යාමත් සමඟ පූර්ණ සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,885 දක්වා ඉහළ ගියා.
ඒ අනුව, මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 178ක්.
කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 904 දෙනා අතරින්, 879 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා.
ඒ අනුව තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව 25ක්.
මේ අතර මැදපෙරදිග බහරේන් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අද අලූයම කටුනායක ගුවන් තොටුපල වෙත ළඟාවුණා.
බහරේනයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් එමඟින් යළි දිවයිනට පැමිණ තිබෙනවා.
එමෙන්ම කටාර් රාජ්‍යයේ දෝහා සිට ද තවත් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියේ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්.
මීට අමතරව ඩුබායි රාජ්‍යයේ සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.
ලොව දිනක වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තාවූ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 212,326 ක් වාර්තාවී ඇති බවයි.
ඉන් වැඩිම ආසාදිතයන් වර්ධනයක් ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාවෙන් වාර්තාවී තිබෙනවා.
මීට පෙර දිනකදී වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව එනම් නව ආසාදිතයන් 189,077 ක් වාර්තාවූයේ පසුගිය ජූනි 28 වනදායි.
එමෙන්ම ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාවේ දිනක සාමාන්‍ය 5,000ක් ලෙස තවදුරටත් පවතිනවා.
මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයන් 11,371,989ක් වාර්තාවන අතර, මරණ සංඛ්‍යාව වාර්තාවන්නේ 532,861 ක් ලෙසයි.
මේ අතර කොරෝනා වෛරස ආසාදිතයන් සඳහා හයිඩ්රොක්සික්ලෝරක්වීන් මැලේරියා ඖෂධය ලබාදීම නතර කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා.
එමෙන්ම එච්.අයි.වී. ආසාදිතයන් සඳහා ලබාදෙන ඖෂධ දෙකක්ද කොරෝනා රෝගීන් සඳහා ලබාදීම නතර කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත්තේ එමඟින් කොරෝනා මරණ සංඛ්‍යාව පාලනය කිරීමට නොහැකිවීම හේතුවෙන්.
ඒ අනුව එම ඖෂධ අත්හදාබැලීම ලෙස කොරෝනා රෝගීන්ට ලබාදීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ. එමඟින් කොවිඩ් 19 ගෝලීය වසංගතයක් ලෙස නම් කෙරුණේ පසුගිය මාර්තු 11 වනදායි.

Follow US
Most Viewed Stories