මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රිඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට (වීඩියෝ)

Sunday, 05 July 2020 - 8:59

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%A9%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29




ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පානදුර හොරේතුඩුව ප්‍රදේශයේදී ඔහුගේ මෝටර් රථයේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියයාම හේතුවෙන්.

අද උදෑසන 5ට පමණ පානදුර උතුර - හොරේතුඩුව ප්‍රදේශයේ පරණ ගාලූපාරේ මෙම අනතුර සිදුව තිබෙනවා.
rn
 
rn
එහිදී මොරටුව දෙසින් පානදුර දෙසට ධාවනය වූ කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටී ඇත්තේ පාපැදිකරුවෙක්.
rn
පානදුර උතුර -ගොරකපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම 64 හැවිරිදි පුද්ගලයා අනතුරෙන් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.
rn

අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය ප්‍රකාශ කළා.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර පානදුර රෝහලේ තබා ඇති අතර, පානදුර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories