හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් අත්අඩංගුවට

Sunday, 05 July 2020 - 10:07

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%E0%B6%9A%E0%B7%9A.%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
උතුර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී අද උදෑසන අත්අඩංගුවට ගැණුනා.

වරෙන්තුවක් මත වැල්වැටිතුරෙයි, අම්මාන් කෝවිල්අඩි ප්‍රදේශයේ පිහිටි නිවසේදී ඔහු අත්අඩංගුවට ගැණුනු බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

2018 වසරේ මහවිරු සැමරුම් සිද්ධියක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් වෙත මෙම වරෙන්තුව නිකුත් කර තිබුණා.

අධිකරණය මග හැරීම හේතුවෙන් එම වරෙන්තුව නිකුත් කර ඇති අතර, ඔහු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම්.කේ.සිවාජිලිංගම්, උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා ජාතික සන්ධානය යටතේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට යාපනය දිස්ත්‍රික්කයෙන් තරග කරන අපේක්ෂකයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories