ජපානයේ ජල ගැල්මෙන් 15 දෙනෙකු මියයයි

Sunday, 05 July 2020 - 10:58

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+15+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජපානයේ දකුණුදිග කියුෂු දිවයිනේ ජල ගැල්මෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් 9 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

ජල ගැලීම් සමග නායයාම් කිහිපයක්ම වාර්තා වන අතර, අදත් එහි පවතින්නේ වැසි සහිත කාලගුණයක්.

දෙලක්ෂයකට අධික පිරිසක් අවදානම් සහිත ප්‍රදේශවලින් ඉවත් කර ගැනෙන අතර, ඒ සඳහා හමුදා සෙබලූන් දසදහසක් පමණ යොදවා ඇති බව සඳහන්.

දැඩි අවධානයෙන් සිටින ලෙස අග්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ, කියුෂු දිවයින් වාසීන්ගෙන් ඉල්ලීමක් ද කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories