හොරොයින් සහ මුදල් සමග අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු වූ "බන්ටි" පොලිස් දැලේ (වීඩියෝ)

Sunday, 05 July 2020 - 11:04

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%85%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%22%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%22+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයා ලෙස සැලකෙන බත්තරමුල්ලේ බන්ටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ තලංගම ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදීයි.

මොහු බත්තරමුල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවකට හෙරොයින් බෙදා හැරීමේ නිරත වූ ප්‍රධාන ජාවාරම්කරු බවයි පොලීසිය පවසන්නේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සිටි නිවසේ තිබී හෙරොයින් මත්කුඩු සහ මුදල් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා අත්අඩංගුවේ සිටි පාතාල නායක සමයං ඇතුළු පුද්ගලයන් 7 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස ද බත්තරමුල්ලේ බන්ටි සැලකෙනවා.

එමෙන්ම, බත්තරමුල්ල ප්‍රදේශයේ සිදුවූ තවත් වෙඩි තැබීම් සිද්ධීන් දෙකකට මොහු සම්බන්ධ බවට අනාවරණ වී ඇති අතර, අපරාධ ක්‍රියා සඳහා යොදා ගත් මෝටර් රථයක් ද පොලිස් භාරයට ගත් බවයි තලංගම පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.

මේ අතර, පසුගිය 3 වනදා රාත්‍රී 12 සිට ඊයේ මධ්‍යම රාත්‍රිය දක්වා පැය 24 ක කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී හෙරොයින්, ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 502 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී පොලිස් භාරයට ගැණුනු හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 170ක්.

එමෙන්ම, රිපීටර් වර්ගයේ ගිනි අවි 3ක්, පිස්තෝලයක් සහ කඩුවක් සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

මීට අමතරව, නීතිවිරෝධී මත්පැන් සිද්ධීන් සම්බන්ධයෙන් ද සැකකරුවන් 517 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම, වරෙන්තුකරුවන් 488 දෙනෙකු සහ වෙනත් වැරදි සම්බන්ධ සැකකරුවන් 838 දෙනෙකු එම කාලය තුළ අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories