හිටපු මන්ත්‍රී අශෝක වඩිගමන්ගාව රිය අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි (වීඩියෝ)

Sunday, 05 July 2020 - 16:16

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%85%E0%B7%81%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B6%A9%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මෙවර මහ මැතිවරණයේ සමගි ජන බලවේගයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට තරඟ වදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක වඩිගමන්ගාව අද පස්වරුවේ රිය අනතුරකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පුත්තලම - කුරුණෑගල මාර්ගයේ පාදෙනිය - මාරගස්ගොල්ල ප්‍රදේශයේදී මොහු ගමන් ගත් මෝටර් රථය ලොරි රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

පොලීසිය සදහන් කළේ නිකවැරටිය දෙසට ධාවනය වූ හිටපු මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය දකුණු පැත්තට ගමන් කිරීම හේතුවෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කුඩා ප්‍රමාණයේ ලොරි රථයක මුහුණට මුහුණ ගැටී ඇති බවයි.

අනතුර වන අවස්ථාවේදී මෝටර් රථයේ හිටපු මන්ත්‍රීවරයා පමණක් ගමන් කර ඇති අතර, ඔහු වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා.

ලොරි රථයේ රියදුරු ද තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

1952 උපත ලද වඩිගමන්ගාව හිටපු මන්ත්‍රීවරයා මිය යන විට 68 වන වියේ පසුවුණා. 1980 ආනමඩුව අතුරු මැතිවරණය ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පිවිසි මොහු, ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජයේ ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළා.

සෙවණ අරමුදල වෙනුවෙන් මොහු 1986 වසරේ ආනමඩුවේ සිට කතරගමටත්, කතරගම සිට කොළඹ - පුත්තලම හරහා ආනමඩුවටත් හැතැප්ම 660ක පා ගමනක ද නිරත තිබෙනවා.

පසුව 1996 වසරේ පැවති වයඹ පළාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත්ව එය ජයග්‍රහණය කළ මොහු එම පළාත් සභාවේ විපක්ෂ නායක ධුරයත් පසුව සෞඛ්‍ය අමාත්‍ය ධුරයත් හොඹවනු ලැබුවා.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories