කොරෝනා ආසාදනය වූ තවත් 18 දෙනෙකු සුවය ලබයි

Sunday, 05 July 2020 - 19:03

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+18+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 18 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 1903 දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන්  කළේ.

තවත් 160 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත සංඛ්‍යාව 2074ක්.

මේ අතර, කොටහේන - ජින්තුපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමඟ නිරෝධායනය සඳහා යොමු කළ 154 දෙනාටම එම වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

ඔවුන්ගේ ජෛව සාම්පල ලබා ගනිමින් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී ඒ බව හෙළි වී ඇති බවයි කොළඹ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ. චන්ද්‍රපාල සඳහන් කළේ.

කෙසේ වෙතත්, අදාළ පිරිස තවදුරටත් සති දෙකක කාලයක් නිරෝධායනයට ලක් කර ඉන් අනතුරුව ද යළි පී.සී.ආර්. පරීක්ෂාවන් සිදුකිරීමට නියමිතයි.

එමෙන්ම, කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු පාසල් දින 115කට පසු අධ්‍යයන කටයුතු සඳහා හෙට සිට යළි විවෘත කිරීමට සියළු කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. ඒ, 11, 13 සහ 5 ශ්‍රේණි සඳහායි.