සහල් හිඟයක් ඇති කරන්න ඉඩ දෙන්න එපා - ගොවීන් ජනපතිගෙන් ඉල්ලයි (වීඩියෝ)

Sunday, 05 July 2020 - 19:07

%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%89%E0%B6%A9+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


අතරමැදියන්ට සහල් හිඟයක් ඇති කිරීමට ඉඩ නොදෙන ලෙස පොළොන්නරුව ප්‍රදේශයේ ගොවිජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා පොළොන්නරුව - සිරිපුර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ අද පැවති ජන හමුවකට ජනාධිපතිවරයා එක්වූ අවස්ථාවේදීයි ගොවි ජනතාව මෙම ඉල්ලීම සිදුකළේ.  

අද පෙරවරු 10.30 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහභාගි වූ පළමු ජන හමුව පොළොන්නරුව - දිඹුලාගල ක්‍රීඩාංගණයේ පැවති අතර,  එහිදී ජනාධිපතිවරයාට හිමි වූයේ උණුසුම් පිළි ගැනීමක්.

අනතුරුව දිඹුලාගල - කළුකැළේ ප්‍රදේශයේ සහ මනම්පිටිය ප්‍රතිභා ශාලාව ඉදිරිපිට පැවති ජන හමු දෙකකට ද ජනාධිපතිවරයා එක්වුණා.

මනම්පිටියේ පැවති ජන හමුවේදී ප්‍රදේශයේ මහා සංඝරත්නය විසින් ජනාධිපතිවරයාට යෝජනාවලියක් භාර දුන් අතර, ජනාධිපතිවරයාට ආශිර්වාද කරමින් සෙත් පිරිත් සජ්ඣායනයක් ද සිදුකළා.

ඉන් අනතුරුවයි පොළොන්නරුව - දීප උයනේ පැවති ජන හමුවට ජනාධිපතිවරයා එක්වුණේ. එම ජන හමුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එක්ව සිටි අතර එහිදී ජනතාව සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර සුහද කතාබහක් ද ඇති වුණා.