කුසල් මෙන්ඩිස් වෛද්‍ය පරීක්ෂණයකට (වීඩියෝ)

Sunday, 05 July 2020 - 19:09

%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර තිබෙනවා.

ඒ, ඔහු රිය අනතුර සිදුවන අවස්ථාවේ බිමතින් සිටියේද යන්න පිළිබද පරීක්ෂා කිරීම සදහායි. අත්අඩංගුවට ගෙන සිටින කුසල් මෙන්ඩිස් හෙට දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද  නියමිතයි.

අද අලූයම 5 ට පමණ පානදුර උතුර - හොරේතුඩුව ප්‍රදේශයේ පරණ ගාලූපාරේ දී මොරටුව දෙස සිට පානදුර දෙසට ධාවනය වූ කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටී ඇත්තේ පාපැදිකරුවෙක්.

සිද්ධියෙන් පාපැදියේ ගමන් ගත් 64 හැවිරිදි පානදුර උතුර -ගොරකපොල ප්‍රදේශයේ පදිංචිකරු ජීවිතක්ෂයට පත්වුණා. අනතුර සිදුවන ආකාරය ඒ අසල සවි කර තිබු  සි.සි.ටි.වි දර්ශණ වලද සටහන් වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.