කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක්, පැය 24ක් තුල අත්ඩංගුවට

Sunday, 05 July 2020 - 22:44

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B7%99%E0%B7%8F%E0%B7%85%E0%B7%84%E0%B6%9A%E0%B6%A7+%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+57%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙයවීමෙන් බස්නාහිර පළාතේ වංචා විමර්ශන කාර්යංශයන් වෙත ලද මූල්‍ය වංචා පැමිණිලිවලට අදාලව මෙතෙක් අත්අඩංගුවට ගත නොහැකිව පොලිසිය මගහරිමින් සිටි සැකකරුවන් 57 දෙනෙක් අද (05) දිනය තුළ සිදුකල විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අතර කාන්තාවන් 09 ක් සහ පිරිමින් 48 ක් සිටින අතර ඔවුන් මුදල් වංචා කිරීම් , මුදල් විශ්වාසය කඩ කිරීම් , කූට ලේඛණ සකස් කිරීම් , බහු විවාහ සිදුකර ගැනීම් වැනි අපරාධ 70 කට සම්බන්ධ බව අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් විසදුනු අපරාධවල සම්පූර්ණ මූල්‍ය වටිනාකම රුපියල් දස කෝටි අසූ හතර ලක්ෂ හැත්තෑ දහස් තුන්සිය පනස් හයක්  (108470356/-) බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම සැකකරුවන්ට අමතරව පොලිසිය මග හැරි වරෙන්තුකරුවන් 13 ක් ද මෙම මෙහෙයුමේදී වංචා විමර්ශන කාර්යංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සියළු සැකකරුවන් හෙට (06) දින අදාල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories