ඉන්දියාව, රුසියාව අභිබවයි (වීඩියෝ)

Monday, 06 July 2020 - 8:12

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B6%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ලොව කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 15 ලක්ෂ 47,919 දක්වා ඉහල ගොස් තිබෙනවා.

මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ පන්ලක්ෂ 36,427ක් ලෙසයි.

කොරෝනා මරණ සහ ආසාදිතයන් වාර්තාවීම අතින් රුසියාව අභිබවා ඉන්දියාව තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා.

නව මරණ 421ක් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 19,700ක් ලෙසයි.

නව ආසාදිතයන් 23,932ක් ගතවූ පැය විසි හතර තුළ වාර්තාවී ඇති අතර, එය මෙතෙක් දිනයක් තළ වාර්තාවූ ඉහල අගය ලෙසයි සැළකෙන්නේ.

ඒ අනුව එරට සමස්ත ආසදිතන් සංඛ්‍යාව හයලක්ෂ 97,836ක් වනවා.

මේ අතර, රුසියාවේ මරණ සංඛ්‍යාව 10,161ක් ලෙස වාර්තාවන අතර, ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ හයලක්ෂ 81,251ක් ලෙසයි.

තවදුරටත් වැඩිම මරණ සහ ආසාදිතයන් ඇමරිකාවෙන් වාර්තාවන අතර, ගතවූ පැය විසි හතරේ බ්‍රසීලයෙන් නව මරණ 535ක් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 64,900ක් දක්වා ඉහළ ගියා.

නව ආසදිතයන් 26,209ක් සමග එරට ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 16 ලක්ෂ 4,585ක් ලෙසයි.

මේ අතර, කොරෝනා ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු ටජ්මහල අද සිට විවෘත කිරීමටයි එරට බලධාරීන් තීරණය කර ඇත්තේ.

දිනකට 80,000ක් සංචාරකයින් ටජ් මහල නැරඹීමට පැමිණියත් අද සිට 5,000ක පිරිසකට පමණක් ටජ්මහල නැරඹීමට අවසර හිමිවන අතර, එම සංචාරකයින්ද කණ්ඩායම් දෙකක් ලෙසයි ඊට ඇතුළත් කර ගැනෙන්නේ.

ටජ් මහල පිහිටි අග්‍රා නුවර ඉන්දියාවේ වැඩිම කොවිඞ් ආසාදිතයන් සිටින ප්‍රදේශයක් ලෙසයි සැළකෙන්නේ.