අද සිට පාසල් යන ළමයින්, පාසලේ දී මුඛ ආවරණ පැළඳ සිටීම අනිවාර්ය ද ? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පහදයි (වීඩියෝ)

Monday, 06 July 2020 - 9:04

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%94%E0%B6%9B+%E0%B6%86%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%90%E0%B7%85%E0%B6%B3+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%AF+%3F++%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%A2%E0%B7%99%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු පාසල් අදියර කිහිපයක් යටතේ දින 115කට පසු අධ්‍යයන කටයුතු සඳහා අද (30) සිට යළි ආරම්භ කෙරුනා.

ඒ අනුව පළමු අදියර යටතේ අද (06) පාසල් ආරම්භ කෙරුනේ  11, 13 සහ 5 ශ්‍රේණි සඳහායි.

අද සිට අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා සුදුසු පරිසරය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සකස් කිරීම මේ වන විට සාර්ථකව අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද ප්‍රකාශ කළා.

මේ අතර පාසල් ළමුන් පාසල තුලදී මුඛ ආවරණ පැළඳීම නිර්දේශ කිරීම අනිවාර්ය කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

අද (06) උදෑසන හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකර සිටියා.

යම් දරුවෙකුට උණ, කැස්ස, සෙම්ප්‍රතික්ෂාව වැනි රෝග ලක්ෂණ පවතීනම් එම දරුවන් පාසල් වෙත යොමු නොකරන ලෙස අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories