කොරෝනා වෛරසය වාතය හරහාත් ව්‍යාප්ත වන බවට සාක්ෂි

Monday, 06 July 2020 - 9:19

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA+%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92
කොරෝනා වෛරසය වාතය හරහා ව්‍යාප්ත වන බවට පිළිගත හැකි සාක්ෂි පවතින බව විද්‍යාඥයන් කණ්ඩායමක් පෙන්වා දෙනවා.

රටවල් 32 කට අයත් විද්‍යාඥයන් 239 දෙනෙකු සිදුකළ අධ්‍යයනයකින් මේ බව අනාවරණ වී ඇති බවයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තාකර ඇත්තේ.

ඒ සඳහා වන විද්‍යාත්මක ප්‍රකාශනය ඉදිරි සතියේදී ප්‍රකාශයට පත් කිරීමටද නියමිතයි.

අදාළ විද්‍යාඥයන් පවසන්නේ වාතය හරහා කොරෝනා වෛරසය ව්‍යාප්ත නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති මතය සංශෝධනයට ලක් කිරීමට එම සංවිධානය වහාම පියවර ගත යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories