කුසල් මෙන්ඩිස්ට අධිකරණයෙන් ඇප (වීඩියෝ)

Monday, 06 July 2020 - 11:39

%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B4+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදාහැරීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ අනුව රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමටයි පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය නියෝග කළේ.  

මීට අමතරව කුසල් මෙන්ඩිස්ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඊයේ අලූයම 5 ට පමණ පානදුර උතුර - හොරේතුඩුව ප්‍රදේශයේ පරණ ගාලූපාරේ දී මොරටුව දෙස සිට පානදුර දෙසට ධාවනය වූ කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටී පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එලෙස මියගිය පුද්ගලයා පානදුර උතුර - ගොරකපොල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි සිව් දරු පියෙක්.

අදාළ නඩුව සැප්තැම්බර් 9 වනදා යළි කැඳවීමට නියමිතයි.