අස්වැන්නට නිසි මිලක් ඉල්ලන කල්පිටියේ රතු ළූණු ගොවීන් (වීඩියෝ)

Monday, 06 July 2020 - 12:51

%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B7%85%E0%B7%96%E0%B6%AB%E0%B7%94+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


වෙළෙඳපොළේ රතුළූණූ මිල පහළයාම හේතුවෙන් කල්පිටිය ප්‍රදේශයේ ළූණූ ගොවීන් දැඩි අසරණ තත්ත්වයකට මුහුණ දී සිටිනවා.

ඔවුන් පවසන්නේ රතුළූණු කිලෝවක් සඳහා අවම වශයෙන් රුපියල් 200ක මිලක් නියම කළ යුතු බවයි.

කල්පිටිය අර්ධද්වීපයේ තලවිල, පුචච්චේන දළුව, මාම්පුරිය, කන්දකුලිය, ඒත්තාල, පනිඅඩිය ඇතුළු ප්‍රදේශ රැසක අක්කර 6000ක පමණ භූමියේ ප්‍රධාන බෝග වගාව බවට පත්ව තිබෙන්නේ රතුළූණු වගාවයි.

කල්පිටිය ප්‍රදේශයේ රතුළූණු අස්වැන්න නෙලීම මෙම කාලවකවානුවේදී සිදු කෙරෙන අතර වැඩි අස්වැන්නක් වෙළෙඳපොළට පැමිණීම හේතුවෙන් කිලෝවක් අළෙවි කෙරෙන්නේ රුපියල් 120ත් රුපියල් 140ත් අතර මිලකටයි.

වගා කටයුතු සරුකර ගැනීමට මාස ගණනක් දහඩිය වගුරුවමින් සිය කාලය ශ්‍රමය කැප කරන ළූණු ගොවීන් මේ හේතුවෙන් පත්ව තිබෙන්නේ දැඩි අසීරුතාවකටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories