කොරෝනාවෙන් පසු උප්පැන්න ලියාපදිංචිය යළිත් (වීඩියෝ)

Monday, 06 July 2020 - 13:12

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ඉකුත් තුන් මසක කාලය තුළ මෙරට දී දරු උපත් 80,000ක පමණ සිදුවුවද එම උපත් ලියාපදිංචි කිරීමට නොහැකි වුයේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන්.

කෙසේ නමුත් උප්පැන්න ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසන්නේ එම දරුවන්ගේ ලියාපදිංචිය ජංගම සේවා සහ තවත් පහසු ක්‍රමවේදයන් යටතේ සිදුකිරීමට මේ වනවිට කටයුතු ආරම්භ කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ වර්ෂයකට දරු උපත් තුන් ලක්ෂ පන්දහසත්, හාර ලක්ෂයත් අතර ප්‍රමාණයක් සිදුවන අතර ඉන් 99%ක්ම සිදු වන්නේ රෝහල් තුළයි.
කොවිඩ් 19 වසංගතය හමුවේ ඉකුත් මාස තුනක පමණ කාලය තුළ දරු උපත් 80,000ක පමණ ප්‍රමාණයක් මෙරට සිදු වි තිබෙනවා.

උපත් ලියාපදිංචි කිරිමේ පනත අනුව දරුවෙකු ඉපදි දින 42 ක් ඇතුළත ලියාපදිංචි කිරිම සිදු කළ යුතු වුවද කොවිඩ් 19 වසංගතය හමුවේ තම දරුවන්ගේ උප්පැන්න සහතිකය තවමත් ලියාපදිංචි කර ගැනීමට නොහැකි වු බොහෝ දෙමාපියන් පිරිසක් සිටිනවා.

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය හේතුවෙන් තම පුංචි සිඟිත්තන්ට සිදුවූ අපහසුතා දෙමව්පියන් අපට පැවසුවා.

සාමාන්‍ය ක්‍රමවේදයට අනුව දරුවෙකු ලියාපදිංචි කරවිමට විවිධ ලිපිගොනු අවශ්‍ය වුවද, ඉකුත් මාස තුන තුළ සිදු වු උපත් සඳහා උප්පැන්න, මරණ ලියාපදිංචි කිරීමේ පනතේ 24 වගන්තිය යටතේ වූ ප්‍රකාශිත පත්‍රයක්, දෙමව්පියන්ගේ විවාහ සහතිකයේ ඡායා පිටපතක්, දෙමාපිය උප්පැන්න සහතිකවල ඡායා පිටපතක් පමණක් ප්‍රමාණවත් බව උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ටාර් දෙපාර්මේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිර්දේශ කරන්නේ ක්‍රමවේදය ලිහිල් කිරීම යටතේ ග්‍රාම නිලධාරී වාර්තා අත්‍යවශ්‍ය නොවන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories