ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලී අනුපාත පහළට - ආදායම් බදු නිදහසේ වෙනසක් නැහැ

Monday, 06 July 2020 - 13:15

%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
වානිජ බැංකු විසින් පොලී අනුපාත පහත දැමීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවනු ලබන පොලී ප්‍රමාණයන්ද අඩුකර තිබෙනවා.

කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම මත ඔවුන්ට ලබාදී තිබූ ආදායම් බදු නිදහසේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බවයි කොළඹ අද(06) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර ගිණුම් සඳහා වානිජ බැංකු හා මූල්‍ය ආයතන මෙතෙක් සියයට 9 ත් 11 ත් අතර පොලී අනුපාතයක් ගෙවූ නමුත් මේ වනවිට එය සියයට 7 ත් 8 ත් අතර ප්‍රමාණයට පහත දමා ඇති බවටයි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් චෝදනා කළේ.