උතුරු දිග චීන - මොංගෝලියා ප්‍රදේශයෙන් මහාමාරිය රෝගියෙකු සොයා ගැනේ

Monday, 06 July 2020 - 14:06

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+-+%E0%B6%B8%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
උතුරු දිග චීනයේ, ‘‘ඇතුළු - මොංගෝලියා’’ ස්වයං පාලන ප්‍රදේශයෙන් මහාමාරිය රෝගියෙකු හමුවීමත් සමඟ එරට සෞඛ්‍ය බලධාරින් රෝගය පැතිරීම වැළැක්වීම සඳහා පියවර රැසක් ගෙන තිබෙනවා.

බැක්ටීරියා ආසාදනයෙන් ඇති වන මහාමාරිය හෙවත් බ්ලැක්-ඩෙත් රෝගය සාමාන්‍ය ප්‍රතිජීවක ඖෂධවලින් සුවකළ හැකි වුවත් ඇතැම්විට මාරාන්තික විය හැකියි.

චීනයට අයත්, මොංගෝලියා ප්‍රදේශයේ බයනූර් නගරය ආසන්නයේ සොයා ගැණුනු මහාමාරිය රෝගියා ගොපල්ලෙකු බව සඳහන්.

නිරෝධායනයට ලක් කර ඇති ඔහුගේ තත්ත්වය ස්ථාවර බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔහුට රෝගය ආසාදනය වී ඇති ආකාරය මෙතෙක් අනාවරණ වී නැහැ.

මීයන් සහ මැක්කන්ගෙන් ප්‍රචාරණය වන මහාමාරිය රෝගයෙන් 14 වන සියවසේදී අප්‍රිකාවේ ආසියාවේ සහ යුරෝපයේ පුද්ගලයන් මිලියන 50 ක් පමණ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.