සුනිල් ජයවර්ධන ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරු 08 දෙනා යළි රිමාන්ඩ්

Monday, 06 July 2020 - 14:26

%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+08+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා මේ  මස 17 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, සැකකරුවන් නුගේගොඩ නිළ නොලත් මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අද දිනයේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුුවේදී සැකකරුවන් 7 දෙනෙකු හඳුනා ගනු ලැබුවා.

එමෙන්ම, නඩුවට අදාළව සාක්ෂිකරුවන් තුන් දෙනෙකු අද දින සාක්ෂි ලබාදී ඇති අතර, තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකු එළඹෙන නඩු වාරයේදී සාක්ෂි ලබාදීමට නියමිතයි.

සුනිල් ජයවර්ධනට මිරිහාන ප්‍රදේශයේ කල්බදු සමාගමක් අසලදී අමානුෂික ලෙස පහරදී ඝාතනය කෙරුණේ පසුගිය මස 10 වනදායි.