තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවෙයි - සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2077 දක්වා ඉහළට

Monday, 06 July 2020 - 17:25

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+2077+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2077 දක්වා ඉහළගොස් තිබෙනවා.

මෙම ආසාදිතයා බහරේන් සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙකු බවයි වාර්තාවන්නේ.

මේ අතර කොවිඩ් 19 හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඉතියෝපියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 230 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා.

මේ අතර, වෛරසය ආසාදිතව තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයින් 149ක් පමණයි.

අප්‍රිකානු මහාද්වීපයට අයත් රටක් වන ඉතියෝපියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 230 දෙනෙකු ද අද අලුයම 3.50ට පමණ දිවයිනට පැමිණියා.

ඒ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1710 දරණ ගුවන් යානයෙන්.

ඔවුන් අතර කුඩා දරුවන්, අධ්‍යාපන කටයුතු සඳහා පිටව ගිය පුද්ගලයින් සහ වෘත්තිකයින් වනවා.

ඔවුන් සියලුදෙනාම කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදීම පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට ද පියවර ගැනුණා.