මංගල උත්සව සඳහා සහභාගී විය හැකි සංඛ්‍යාව ඉහළ නංවයි

Monday, 06 July 2020 - 19:14

%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%84%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B1%E0%B6%82%E0%B7%80%E0%B6%BA%E0%B7%92
මංගල උත්සව සඳහා උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් සියයට 50 ක් හෝ උපරිම 300 යන දෙකෙන් අඩු සංඛ්‍යාවකට සහභාගී වීමට අද (06) සිට අවසර හිමිවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර තිබෙනවා.

එම සංඛ්‍යාවට දෙවන මනාලයා/ දෙවන මනාලිය ඇතුළු කණ්ඩායම, සංගීත කණ්ඩායම සහ වෙනත් ශිල්පීන් ද ඇතුලත්විය යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

උත්සව ශාලා සඳහා මීට පෙර ලබාදුන් උපදෙස් මේ සඳහා අදාල වන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.