කොරෝනා නෑ කියා මුදලට ව්‍යාජ වාර්තාවක් සකස්කර දුන් මිරට් පෞද්ගලික රෝහලට අධිකරණයෙන් ලැබුණු නියෝගය

Monday, 06 July 2020 - 19:45

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%91+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA
මුදල් ලබාගෙන කොරෝනා නොමැති බවට ව්‍යාජ වෛද්‍ය වාර්තාවක් සකස්කළ රෝහලක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

අදාළ පුවත වාර්තාවන්නේ ඉන්දියාවෙන්.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකරන්නේ ඉන්දියාවේ මිරටි ප්‍රදේශයේ රෝහලකින් මෙලෙස පුද්ගලයෙකුගෙන් මුදල් ලබාගෙන ව්‍යාජ වාර්තාවක් සකස්කර ඇති බවයි.

ඒ අනුව කොරෝනා ආසාදිතයෙකු නොවන බවට අදාළ වාර්තාව ලබාදීමට ඔවුන් ලබාගෙන ඇති මුදල ඉන්දීය රුපියල් 2500ක්.

කෙසේ වෙතත් ඉන්දීය බලධාරීන් විසින් අදාළ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තාකර ඇති අතර අධිකරණය නියෝග කර ඇත්තේ රෝහල මුද්‍රා තබා බලපත්‍රය අහෝසි කරන ලෙසයි

මීරට් ප්‍රදේශයේ මේ දක්වා රෝගීන් 1,117 ක් වාර්තා වී ඇති අතර මියගොස් ඇති සංඛ්‍යාව 69 ක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වර්තකරන්නේ.