ගාලුමුවදොරදී රුසියානු ජාතික කාන්තාවකට හිරිහැර කිරීමේ සිද්ධියකට සැක 05 ක් අත්අඩංගුවට

Monday, 06 July 2020 - 22:22

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+05+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ගාලුමුවදොර පිටියේදී රුසියානු ජාතික කාන්තාවකට හිරිහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් 5 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ඉරිදා සන්ධ්‍යාවේ තම මිතුරන් තුන් දෙනෙකු සමඟ ගාලුමුවදොරපිටියේ ඇවිද ගිය අවස්ථාවේ දස දෙනෙකුගෙන් පමණ සමන්විත තරුණයන් කණ්ඩායමක් ඔවුන් වෙත ප්‍රවේශ වී ඇති අතර මත්පැන් පානය කර සිටි පුද්ගලයෙකු එහිදී ඔවුන්ට ආමන්ත්‍රණය කර ඇත්තේ පරුෂ වචනයෙන්.

ඔවුන් විදේශීය කාන්තාව සහ ඇයගේ මිතුරන් හැර ගොස් ඇත්තේ සිද්ධිය ඇය විසින් සිද්ධිය වීඩියෝගත කරන බව දැනගත් විටයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රුසියානු කාන්තාව පොලීසියට පැමිණිලි කර ඇති අතර, විනාඩි 20ක් ඇතුළත එහි පැමිණි පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

තමාට හිරිහැර කිරීමට සැරසුණු පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා සහය වන ලෙස එම රුසියානු කාන්තාව ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන් ඇතුළත් වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින්.

කෙසේ නමුත්, ඊයේ අත්අඩංගුවට ගත් පිරිස අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ද සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර, රුසියානු කතට හිරිහැර කිරීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පිළිබදව ට්විටර් සටහනක් ද එක් කර තිබෙනවා.

එමගින් සඳහන් කර ඇත්තේ මෙරට සංචාරක කර්මාන්තය තුළ විදේශීය සංචාරකයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මුළුමනින්ම වැළැක්වීමට තමන් කටයුතු කරන බවයි.