පොල්ගොල්ල ජලාශයට පැන ළමයින් දෙදෙනෙකු සිය දිවි හානි කර ගනී (වීඩියෝ)

Tuesday, 07 July 2020 - 8:33

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මහනුවර - පොල්ගොල්ල ජලාශයට පැන 17 හැවිරිදි පිරිමි ළමයෙකු සහ 16 හැවිරිදි ගැහැණු ළමයෙකු සිය දිවි හානි කරගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා කටුගස්තොට - නවයාල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

අද අලුයම සිය නිවෙස්වලින් පැමිණි ඔවුන් පොල්ගොල්ල ජලාශයට පැන ඇත්තේ කටුගස්තොට - කහල්ල ප්‍රදේශයෙන්.

හිරු වාර්තාකරු සඳහන් කළේ ගම්වාසීන්ගේ සහය ඇතිව ඔවුන්ගේ සිරුරු මේ වන විට ගොඩට ගෙන ඇති බවයි.