මසුන් මැරීමට ගිය තුන් දෙනෙකුගේ යතුරුපැදි 3ක් ගිනිබත් කෙරේ

Tuesday, 07 July 2020 - 11:02

%E0%B6%B8%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
හොරොව්පතාන නගරයේ පිහිටා ඇති වැවේ මසුන් මැරීම සඳහා ගිය පුද්ගලයින් 3 දෙනෙකුගේ යතුරුපැදි 3ක් කිසියම් පිරිසක් ගිනි තබා තිබෙනවා.

ඔවුන් ඊයේ රාත්‍රියේ මසුන් මැරීම සඳහා වැව මධ්‍යයට ගිය අවස්ථාවේදීයි අදාළ සිද්ධිය සිදුව ඇත්තේ.

අදාල යතුරුපැදි 3 එක් ස්ථානයකට රැගෙන ගොස් මෙම ගිනි තැබීම සිදුකර ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තුරුත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලීසිය වැඩිදුර විමර්ශන  සිදුකරනු  ලබනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories