සැඟව සිටි නාකොටික් IP භාරවෙයි

Tuesday, 07 July 2020 - 12:03

%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+IP+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් සිදු කර ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සැඟව සිටි එම කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයෙකු වන සමන් වසන්ත කුමාර පොලිසියට බාරවී තිබෙනවා.

49 හැවිරිදි සමන් වසන්ත කුමාර නැමති වැලිවේරිය - කිරිකත්ත ප්‍රදේශයේ පදිංචි මෙම පොලිස් පරීක්ෂකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය දිනවල පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

කෙසේ වෙතත්, සැඟව සිටි මොහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය, මහජනතාවට තොරතුරු ලබාදීමට දුරකථන අංක දෙකක් ද හඳුන්වාදී අදාළ පොලිස් පරීක්ෂකවරයාගේ ඡායාරූපය ද මාධ්‍ය වෙත නිකුත් කිරීමටයි කටයුතු කළේ. 

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් නිලධාරීන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන හෙට දිනය දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පසුගියදා අධිකරණය අවසර ලබාදුන්නා.