වැලිකඩ බන්ධනාගාරය, අමුත්තන්ට තාවකාලිකව තහනම්- 177ක් PCR පරීක්ෂණයට

Tuesday, 07 July 2020 - 14:47

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%2C+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-+177%E0%B6%9A%E0%B7%8A+PCR+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
වැලිකඩ බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම තාවකාලිකව නතර කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ කොරෝනා ආසාදනය වූ රැඳවියෙකු බන්ධනාගාරයෙන් හමුවීමත් සමඟයි.

ඔහු කන්දකාඩු මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට පසුගිය ජුනි 27 වනදා වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද අයෙක්.

හෙරොයින් නඩුවක් සඳහා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට මාස 3 ක සිරදඩුවමක් නියම කර තිබෙනවා.

ආසාදිත රැඳවියා රඳවා සිටි ගොඩනැගිල්ලේ සිටි 177 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.





ඇසළ පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය අවසන්
Tuesday, 04 August 2020 - 7:30

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ... Read More

නිල ඡන්ද කාඩ්පත් මිලට ගැනීමට පැමිණි දෙදෙනෙක් අත්අඩංගුවට
Tuesday, 04 August 2020 - 7:26

රුපියල් පන්දහස බැඟින් ගෙවා නිල ඡන්ද කාඩ්පත් මිලට ගැනීමට පැමිණි... Read More

ඊයේ හමුවූ කොරෝනා ආසාදිතයන් පස්දෙනාගේ තොරතුරු එළියට
Tuesday, 04 August 2020 - 7:25

ඊයේ දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත්... Read More