සහරාන් ඇතුළු කණ්ඩායම යතුරුපැදියක ඇටවූ බෝම්බයක් පුපුරවා හැරි කාත්තන්කුඩි ඉඩම හිස්බුල්ලාට අයත් ඉඩමක් - පාස්කු කොමිසමේදී හෙළිවෙයි (වීඩියෝ)

Tuesday, 07 July 2020 - 15:33

%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%87%E0%B6%A7%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%92+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පාස්කු ප්‍රහාරයට පෙර පුහුණුවක් ලෙස, සහරාන් ඇතුළු කණ්ඩායම යතුරුපැදියක ඇටවූ බෝම්බයක් පුපුරවා හැරි කාත්තන්කුඩි ඉඩම කලකට
ඉහතදී නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට අයත්ව තිබූවක් බව අනාවරණය වුණා.

ඒ එම ස්ථානීය පරීක්ෂාව සිදු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි
ලබාදුන් අවස්ථාවේදියි.

කොමිසම හමුවේ ඊයේ පස්වරුවේ සාක්ෂි ලබාදුන්නේ උප පොලිස් පරීක්ෂක එම්.පී.එම්. මොහොමඩ් ජෙසුලි මහතායි.

සහරාන් හෂීම් ප්‍රමුඛ අන්තවාදි පිරිසක් ඉකුත් වසරේ අප්‍රේල් මස 16 වන දිනකාත්තන්කුඩි පානමුණේ ප්‍රදේශයේ ඉඩමක දී යතුරුපැදියක් පුපුරුවා හැරීම
සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය සිදුකර තිබුණේ ඔහු විසින්.

කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු සදහන් කළේ අදාළ සිදුවීම වු අවස්ථාව වන විට තමන් කාන්තන්කුඩිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ
ස්ථානාධිපති ලෙස කටයුතු කළ බවයි.

මොහොමඩ් මුස්තාෆා බස්රි නැමැත්තෙකුට අයත් ඉඩමක් තුළ යම් පිපිරීමක් සිදුව ඇති බවට ඉකුත් වසරේ අප්‍රේල් මස 17 වන දින පස්වරුවේ
කාත්තන්කුඩිය පොලිසියට පැමිණිල්ලක් ලැබුණු බව සාක්ෂිකරු සදහන් කළා.

ඒ අනුව එදින රාත්‍රී 10.40ට පමණ තමන් පිපිරීම වු ස්ථානයට පිටත්ව ගිය බවත් අදාළ පිපිරීම සිදුකර තිබුණේ කාත්තන්කුඩිය පානමුනේ ප්‍රදේශයේ
ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 04ක පමණ දුරින් පිහිටි අක්කර 43 කින් යුත් කිරිතෝනවත්ත නම් ඉඩමේ බව සාක්ෂිකරු පැවසුවා.

ඔහු එහිදී වැඩිදුරත් සදහන් කළේ, පිපිරීම සම්බන්ධයෙන් සිදුකළ ස්ථානීය පරීක්ෂණයට අනුව මෙම පිපිරීම පැමිණිල්ල ලද දිනට පෙර දින එනම් ඉකුත්
වසරේ අප්‍රේල් මස 16 දින සිදුකර තිබු බවත් පුපුරණ ද්‍රව්‍ය යොදාගනිමින්.

ස්කූටි වර්ගයේ යතුරුපැදියක් පුපුරුවා හැර තිබු බවත් මුලික පරික්ෂණයෙන් අනාවරණය කරගෙන තිබු බවයි.

වැඩිදුර විමර්ශනයේදි අදාළ ස්කූටි වර්ගයේ යතුරුපැදියේ ලියාපදිංචි අංකය WP/ BCQ/ 0304 ලෙස තහවුරු කරගත් බවත් එය අංක 122, කොට්ටේගොඩ පාර
කැළණිය ලිපිනයේ පදිංචි නිල්මිණි ජයකොඩි නම් කාන්තාවකගේ නමට ලියාපදිංචි වී ඇති බව අනාවරණය වු බව සාක්ෂිකරු සදහන් කළා.

අදාළ කාන්තාව විසින් කලකට ඉහතදි මෙම යතුරු පැදිය අරුණ වික්‍රමසේකර නම් යතුරුපැදි ව්‍යාපාරිකයෙකුට විකිණීම සදහා ලබාදී ඇති බවත් අදාළ
ව්‍යාපාරිකයාගෙන් ජෙරාඩ් යසිස් සිල්වා නැමැත්තෙකුගේ ජාතික හැදුනුම්පතක් පෙන්වා කිසියම් පුද්ගලයෙකු මෙම යතුරුපැදිය මිලදීගෙන ඇති බව ද
සාක්ෂිකරු සදහන් කළා.

ජෙරාඩ් යසිස් සිල්වා නැමැත්තාගෙන් පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි ඔහුගේ මුදල් පසුම්බිය කලකට ඉහතදි අස්ථාන ගතවී ඇති බවත්, ඔහු විසින්
යතුරුපැදිය මිලදි නොගත්තද, ඔහුගේ ජාතික හැදුනුම්පත අවභාවිතා කරමින් සහරාන් ඇතුළු කණ්ඩායම මෙම යතුරුපැදිය මිලදීගෙන ඇතැයි අනාවරණ වූ
බවද සාක්ෂිකරු කොමිසමට පැවසුවා.

මේ සම්බන්ධයෙන් තමන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බවද සාක්ෂිකරු වැඩිදුරත් සදහන් කළා.

කොමිසම මෙහිදී විමසුවේ පිපිරීම සිදුවු ඉඩම මීට පෙර ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේශපාලනඥයෙක්ට අයත්ව තිබුවක්ද යන්නයි.

එයට පිළිතුරු දෙමින් උප පොලිස් පරීක්ෂකවරයා පැවසුවේ මෙම ඉඩම කලකට ඉහතදී නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාට අයත්ව තිබූ බවට තොරතුරු ලැබුණු බවයි.

පසුව අදාළ ඉඩම හිස්බුල්ලා විසින් විදේශිකයෙකුට විකිණීමට සුදානම්වීමෙදි, එහි වත්මන් අයිතිකරු වන මොහොමඩ් මුස්තාෆා බස්රි නැමැත්තා මිලදීගෙන
ඇති බව ඔහු වැඩිදුරත් සදහන් කළා.

කොමිසම එහිදී යළි විමසුවේ අදාළ ඉඩම නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා විසින් අත්පත් කරගන්නා ලද්දක්ද නැතහොත් රජයට, හෝ සුනාමියෙන් අවතැන් වු ජනතාව රැදී සිටි ඉඩමක් දයන්නයි.

එහිදි සාක්ෂිකරු පැවසුවේ ඒ සම්බන්ධයෙන් තමන් වැඩිදුර විමර්ශණයක් සිදු නොකළ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories