කටාර් රාජ්‍යයේදී එකම පවුලේ, මව පියා සහ දියණිය අමානුෂික ලෙස ඝාතනය කිරීමට හේතුව එළියට

Tuesday, 07 July 2020 - 17:14

%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A%2C+%E0%B6%B8%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7


කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ශ්‍රී ලාංකිකයෙකු විසින්ම තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ එකම පවුලේ පියා, මව සහ දියණියකගේ සිරුරු අද දිවයිනට රැගෙන ආවා.

කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන්ගෙන් පියා 59 හැවිරිදි වියේ පසුවන අතර, මවගේ වයස අවුරුදු 55 ක්.

දියණිය 34 හැවිරිදි වියේ පසුවනවා.

දියණිය ප්‍රේමසබඳතාවක් පවත්වාගෙන ගිය මහනුවර ප්‍රදේශයේ පදිංචි කටාර් හි රැකියාවේ නිරතවූ විවාහක පුද්ගලයෙකු සමඟ ඇතිවූ ආරවුලක් මත, තියුණු ආයුධයකින් පහරදී පසුගිය මාර්තු 1 වනදා මෙම ඝාතන සිදුකර තිබූ අතර, ඔහු ඊට පසුදින ශ්‍රී ලංකාවට පලාවිත් තිබුණා.