මින්නේරිය ජාතික උද්‍යානයේ නිවුන් අලි පැටවුන් (ඡායාරූප)

Tuesday, 07 July 2020 - 18:53

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මවගෙන් කිරි උරා බොමින් සිටින නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු මෙරටදී මුල්වරට නිරීක්ෂණය කර තිබෙනවා.

ඒ, මින්නේරිය ජාතික උද්‍යානයේදී වනජීවීන් නිලධාරීන් සහ අලි සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන විද්වතෙකු මෙන්ම හිටපු වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකුද වන ආචාර්ය සුමිත් පිලපිටිය විසින්.  

සති තුනත් හතරත් අතර වයසේ පසුවන මෙම නිවුන් අලි පැටවුන් දෙදෙනා, මව සමඟ සිටියදී මෙරටදී සොයාගත් පළමු නිවුන් අලි පැටවුන් දෙදෙනා බවයි වනජීවී සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.  

මින්නේරිය ජාතික උද්‍යානයේ භාරකරු භාතිය මඩුගල්ලේ සංචාරකයන්ගෙන් ඉල්ලා සිටියේ මෙම සතුන් නිරීක්ෂණය සඳහා විශේෂ ආයාසයක් දැරීමෙන් ඔවුන්ගේ ස්වභාවික චර්යාවන්ට බාධාවක් විය හැකි බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි.





මාතර - අපරැක්ක ප්‍රදේශයේ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙක් මරුට
Tuesday, 04 August 2020 - 8:47

මාතර - අපරැක්ක ප්‍රදේශයේදී ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ... Read More

කොරෝනා නිසා මත්තල ගුවන් තොටුපලට සිදු වූ දේ මෙන්න
Tuesday, 04 August 2020 - 8:46

කොරෝනා නිසා මත්තල ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු ඉහළටකොරෝනා... Read More

ඇසළ පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය අවසන්
Tuesday, 04 August 2020 - 7:30

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ... Read More