කඩවතදී අත්අඩංගුවට ගත් නාකොටික් IP තවමත් CID යේ

Tuesday, 07 July 2020 - 19:32

%E0%B6%9A%E0%B6%A9%E0%B7%80%E0%B6%AD%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+IP+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+CID+%E0%B6%BA%E0%B7%9A
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී කඩවත - ඉඳිගහමුල ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාරගෙන් මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රශ්න කරමින් සිටිනවා.

ඔහු අද පස්වරු 1.15 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන එනු ලැබුවා.  

අද උදෑසන සැකකාර පොලිස් පරික්ෂකවරයා කඩවත පොලීසිය අත්අඩංගුවට ගත්තේ ඉඳිගහමුල ප්‍රදේශයේ ඔහු රැදී සිටින බවට ලද තොරතුරක් අනුවයි.  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුගේ නිවස ඊයේ පරීක්ෂා කර තිබූ අතර, සැකකාර පොලිස් පරීක්ෂකවරයා නිට්ටඹුව ප්‍රදේශයේ සිට පොලීසියට භාරවීම සඳහා පැමිණ ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් කඩවතින් බැස ඇති ඔහු එහි ආපනශාලාවකට ගොස් නිවසට ඇමතුමක් ලබාගෙන ඇති අතර, එම ඇමතුම අතරතුර ඔහු හඬාවැටී ඇති බව වාර්තාවනවා.

එම අවස්ථාවේ සිද්ධිය පිළිබඳ දැනගත් ආපනශාලාවේ හිමිකරු ඔහුට ඉන් පිටතට යන ලෙස දැනුම්දී ඇති අතර, අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන්කළා.

කඩවත පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගමන් මළු දෙකක්ද ඔහු සතුව තිබූ බවයි.

49 හැවිරිදි ඔහු වැලිවේරිය - කිරිකත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මීට පෙර මෙම සිද්ධියට අදාලව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා.

ඔවුන්ට අමතරව සිවිල් පුද්ගලයන් දෙදෙනෙකුද සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයේ පසුවනවා.

මේ අතර හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු මෙන්ම ඝාතන කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු වන ක්‍රිෂාන් නිලංග දාබරේ හෙවත් බැබා නැමති පුද්ගලයා දින හතක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අවසර ලබාදුන්නා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සැකකරු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි.