ගොවියෙකුගෙන් අල්ලස් ගත් වනක්‍ෂේත්‍ර නිලධාරියෙකු අත්අඩංගුවට

Tuesday, 07 July 2020 - 20:09

%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B7%99%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අල්ලස් ලබාගත් කහටගස්දිගිලිය ප්‍රදේශයේ වනක්‍ෂේත්‍ර නිලධාරියෙකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රජයේ ඉඩමක වගා කරන ගොවියෙකුගෙන් ඔහු මෙම අල්ලස ලබාගෙන ඇති බවයි වාර්තාවන්නේ.

අදාළ පුද්ගලයා තම ඉඩමට යාබද රජයේ ඉඩමකද වගා කටයුතු සිදුකරන අතර, ඊට අදාළ පියවර නොගෙන සිටීම සඳහා මෙම වන නිලධාරියා රුපියල් විසි දහසක අල්ලසක් ඉල්ලා තිබෙනවා.

ඉන් රුපියල් 7,000 ක් මීට පෙර ලබාගෙන ඇති අතර, අනෙක් රුපියල් 13,000 ක මුදල ලබාගන්නා අවස්ථාවේ සැකකරු අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව ප්‍රකාශ කළේ. සැකකරු අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.