සිහින සභාපතිකම්වල කිසිදු වලංගුතාවයක් නෑ - ප්‍රසන්න (වීඩියෝ)

Tuesday, 07 July 2020 - 21:57

%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91+-+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


සිහින මවාගනිමින් මෙවර මැතිවරණයෙන් සභාපතිකම් පිළිබඳව කතා කලාට එහි වලංගුභාවයක් නොමැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා.

මේ අතර අද පැවති ජන හමුවකදී අදහස් පලකළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ තමන්ට දේශපාලන පක්ෂ භේදයක් නොමැති බවයි.

පළමුවරට තමන් ඇතුළු කණ්ඩායමට පක්ෂ ගොඩනැගීමට ඉඩනොදුන් පිරිසක් පිළිබඳව අදහස් පළකලේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ විසින්.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව පොඩි මිනිහා ගැන කිසිදු තැකීමක් සිදුනොකළ බව ප්‍රකාශ කළේ ජන හමුවකට එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විසින්.

තමන් රනිල් වික්‍රමසිංහට ජයග්‍රහණය කිරීමට හැකියාව තිබූ මැතිවරණයක් පිළිබඳව අදහස් පළකලේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ විසින්.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට මේ වනවිට කුස්සිය මතක් වී ඇති බව ප්‍රකාශ කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන විසින් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමට ආසන 40ක් මෙවර මැතිවරණයෙන් හිමිවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක ප්‍රකාශ කළේ අද පැවති ජන හමුවකට එක්වෙමින්.

ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ ඇසේ ඇති පොල් පරාලය නොදැක අනුන්ගේ ඇස්වල ඇති රොඩු සොයමින් සිටින බව අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ එස් එම් චන්ද්‍රසේන විසින්.

මේ අතර එස් එම් චන්ද්‍රසේන හට චෝදනා එල්ලකරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ ඔහු වැලි පැටවීම සඳහා බලපත්‍ර ලබාදෙන බවයි.