සුසානයක් වූ මක්කම විහාරය (වීඩියෝ)

Tuesday, 07 July 2020 - 22:43

%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


අද ජාතික පුරා විද්‍යා දිනයයි.

1890 වසරේ අදවන් දිනක පිහිටවන ලද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අදට වසර 130ක්.

අද CIA හෙලිදරව්ව ඊටත් යුග ගණනාවක් ඈත අතීතයට දිවෙන පුරාවිද්‍යාත්මක භූමියක් පිළිබඳවයි.

අවාසනාවට එම ඉතිහාසය අදූරදර්ශී දේශපාලන බලපෑමක් හමුවේ වැළලී ගොස් තිබෙනවා.

කලකට ඉහත කල්පිටිය - කප්පල්අඩි, අක්කර 90 ප්‍රදේශයේ තිබී පෞරාණික සිරිපතුලක් හා නටඹුන් හමු වී තිබෙනවා.

මෙරට නාමාවලිය ලෙස සැලකෙන ඉපැරණි ග්‍රන්ථයක් වන නම් පොතේ සඳහන් පරිදි මක්කම රජමහා විහාරය මෙම ස්ථානයේ පැවති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් පසුගිය රජයේ සිටි ප්‍රබල දේශපාලනඥයෙකු විසින් මෙම භූමියේ අවතැන් වු වැසියන් පදිංචිකර ඇති අතර මේ වන විට මෙම භූමියේ දක්නට ඇත්තේ සුසාන භූමියක්.

එම ප්‍රදේශයේ සංචාරයකට එක් වූ හිරු CIA කණ්ඩායමට ගම්වාසීන් ප්‍රකාශකළේ මෙම භූමිය ඩෝසර් යොදා සකස් කළ බවයි.

මෙම ස්ථානය පුරාවිද්‍යා ස්ථනයක් නම් එහි කැනීම් සිදුකිරීමට තමන්ගේ කිසිඳු විරෝධයක් නොමැති බව එහි පදිංචිකරුවන්ද පවසනවා.

මෙම භූමිය මක්කම රජ මහා විහාරස්ථානය පැවති ස්ථානය නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වහා සොයාබැලිය යුතු නොවේද?

පුරාවිද්‍යාවේ වරදින් කල්පිටිය මක්කම රජ මහා විහාරස්ථානය යටකර දැමුවාද?