ඇමරිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කරගන්නා බවට ට්‍රම්ප්ගෙන් නිල දැනුම්දීමක්

Wednesday, 08 July 2020 - 6:31

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමරිකාව ඉවත් කරගන්නා බව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම්දී තිබෙනවා.

එමෙන්ම තමන්ගේ මෙම තීරණය ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයටද ට්‍රම්ප් දැනුම්දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කොරෝනා වෛරසය චීනයෙන් ආරම්භවී පැතිර යාමත් සමඟ ට්‍රම්ප් චෝදනා කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතීව කටයුතු කරන බවටයි.

මේ නිසා ඔවුන්ට ලබාදෙන වාර්ෂික ප්‍රතිපාදන කපා හරින බවත්, පසුව එම සංවිධානයෙන් ඉවත්වන බවටත් ට්‍රම්ප් දිගින් දිගටම ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කිසියම් රටක් ඉවත්වන්නේ නම් එම ක්‍රියාවලිය සඳහා වසරක පමණ කාලයක් ගතවනු ඇති.  

ඇමරිකාවේ මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 33,949 ක් ලෙස දැක්වෙන අතර, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ තිස්ලක්ෂ 96,469 ක් ලෙසයි.