පැල්මඩුල්ල දෙනවක ගඟේ මළ සිරුරු දෙකක්

Wednesday, 08 July 2020 - 10:51

%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B6%9A+%E0%B6%9C%E0%B6%9F%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
රත්නපුර - පැල්මඩුල්ල - ගල්පොත්තාවල - දෙනවක ගෙඟ් පාවෙමින් තිබියදී අද උදෑසන සොයාගත් පිරිමි පුද්ගල මළ සිරුරු දෙකෙහි අනන්‍යතාව මේ දක්වා හෙළිවී නැහැ.

පොලීසිය සඳහන් කළේ සිරුරු දෙකේම ඇතැම් ස්ථානවල විවිධ කැපුම් තුවාල දක්නට ලැබෙන බවයි.

එමෙන්ම ඔවුන්ගේ අත්වල කුඩා පටියක්ද දක්නට ලැබෙන බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

ඝාතනය කර වෙනත් ප්‍රදේශයක සිට මෙම සිරුරු දෙනවක ගඟට රැගෙනවිත් දමන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

මේ අතර පිළියන්දල - මාවිත්තර - ගුරුගම්මාන ප්‍රදේශයේදී ඝාතනය කර තිබියදී ඊයේ සොයාගත් ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

51 හැවිරිදි මෙම ව්‍යාපාරිකයාගේ සිරුර කාමරයක ඇඳක් මත තිබියදී සොයාගැනුනු අතර, ඔහුගේ බිරිඳ සුළු තුවාල හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය මෙන්ම බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විමර්ශන සිදුකරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories