විදුලිසැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Wednesday, 08 July 2020 - 12:05

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
මාවනැල්ල - හෙම්මාතගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ මෙම පුද්ගලයා තැබෑරුමක් අසළ පිහිටි ලදු කැලෑවකට ගිය අවස්ථාවේ සතුන් දඩයම් කිරීමට ඇද තිබූ අනවසර විදුලිරැහැනක ගැටීමෙන් මෙම අනතුරට ලක් වී ඇති බවයි.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූයේ 60 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ විදුලි රැහැන ඇද තිබූ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැති බව පොලීසිය සඳහන් කළා.