සියලූම බන්ධනාගාරවලට අමුත්තන් පැමිණීම තාවකාලිකව අත්හිටුවයි (වීඩියෝ)

Wednesday, 08 July 2020 - 12:25

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96%E0%B6%B8+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


වැලිකඩ බන්ධනාගාරයට අමතරව දිවයිනේ සියලූම බන්ධනාගාරවලට අමුත්තන් පැමිණීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

කොරෝනා ආසාදිතයෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනාගැනීමත් සමඟ ආරක්ෂාකාරී පියවරක් ලෙස මෙලෙස අමුත්තන් පැමිණීම අත්හිටවූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැදවියන් ඇතුළු 105 දෙනෙකුට පී.සී.ආර් පරීක්ෂණ සිදු කර තිබෙනවා. එහි ප්‍රතිඵල අද පස්වරුවේ ලැබීමට නියමිතයි.

එමෙන්ම රැදවියන් 186 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ සිට පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

ඊට අමතරව බන්ධනාගර නිලධාරීන් 07 දෙනෙකු ද වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර බන්ධනාගාරයෙන් හමුවූ රැදවියා සිටි කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින පිරිසටද ඊයේ රාත්‍රියේ සිට පීසීආර් පරීක්ෂණ සිදුකර තිබෙනවා.

එමෙන්ම පසුගිය දින කිහිපය තුළ වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් වී නිවෙස් වෙත ගිය රැඳවියන් සම්බන්ධයෙන්ද මේ වනවිට බුද්ධි අංශ තොරතුරු ලබාගනිමින් සිටිනවා. ඒ ඔවුන්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න සොයාබැලීම සඳහායි.

මීට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිටි 210 දෙනෙකු පීසිආර් පරීක්ෂණවලට ලක් කළ අතර ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට පසුව තහවුරු වුණා.

ආරක්ෂාරි පියවරක් ලෙස ඊයේ සිට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් බැලීම සදහා අමුත්තන් පැමිණීමද තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙකුට කොරෝනා ආසාදනය වී තිබුණද පිටත සමාජය ඒ පිළිබඳ කිසිදු බියක් ඇති කර නොගත යුතු බවයි.

ඊයේ දිනයේදී ආසාදිතයන් හතරදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2081 දක්වා ඉහළ ගියා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 115 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර සුවය ලැබූ සංඛ්‍යාව 1,955ක්.

මේ අතර නාවික හමුදාවේ කොරෝනා ආසාදනය වූ තවත් 04 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමඟ නාවික හමුදාවේ සුවය ලැබූ සංඛ්‍යාව ද 892 දක්වා ඉහල ගියා.

ඒ අනුව තවත් 13 දෙනෙකු පමණක් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

අද දිනයේත් කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට ශ්‍රී ලාංකිකයින් 23 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ විවිධ රැකියාවල නිරතව සිටි ඉන්දියන් ජාතිකයින් 153 දෙනෙකු ද අද උදෑසන නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බවයි ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව පන් ලක්ෂ 46,737ක්.

එමෙන්ම වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 19 ලක්ෂයකට අධිකයි.

කෙසේ වෙතත් කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ මැදපෙරදිග රැකියාවල නිරතව සිටින මෙරට ශ්‍රමිකයන්ගේ ජීවිත සුරක්ෂිත කරන ලෙස ඉල්ලමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද නාරාහේන්පිට දී විරෝධතාවයක නිරත වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories