විදෙස් ශ්‍රම බලකායට ජනපති දුන් විශේෂ පණිවුඩය (වීඩියෝ)

Wednesday, 08 July 2020 - 18:08

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


“ කොවිඩ් 19 සහ වැඩකරන ලෝකය - වඩා යහපත් අනාගතයක් ගොඩනැගීම” තේමාව යටතේ  අන්තර්ජාතික කම්කරු සංවිධාන ගෝලීය සමුළුව අද පැවැත්වුනා.

එම සමුළුව අමතමින් ජනපති සිදුකළ විශේෂ ප්‍රකාශය පහතින්.

“ කොවිඩ් 19 සහ වැඩකරන ලෝකය - වඩා යහපත් අනාගතයක් ගොඩනැගීම” තේමාව කොටගත් අන්තර්ජාතික කම්කරු සංවිධාන ගෝලීය සමුළුව සමග මගේ අදහස් බෙදා හදා ගැනීමට ලද මේ අවස්ථාව පිළිබඳව මම ඉතා සතුටුවෙමි.

කොවිඩ් 19 වසංගතයට එරෙහිව අප සියලු දෙනා සටන් වැද සිටින මේ සංවේදී කාල පරිච්ඡේදයේදී සිය “වැඩ ලෝකය” නොබිඳී පවත්වාගෙන යාම සඳහා සෑම රටක්ම ගත් ක්‍රියා මාර්ග මම අගය කරමි.

ඇතැම්විට වර්තමාන ලෝකය මුහුණ දෙන ප්‍රබලතම මානව අර්බුදය කොවිඩ් 19 විසින් නිර්මාණය කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, පශ්චාත් කොවිඩ් 19 සමයේදී සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ද “ වැඩ ලෝකය” එකසේ සුවිසල් ප්‍රතිසංවිධානයකට ලක්ව පවතී.

ශ්‍රී ලංකාව බාහිර නිර්ණායකයන්ට සංවේදී වන, සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයකි. මේ වසංගතය නිසා ගෝලීය ආර්ථිකයට ඇති වූ බලපෑමෙන් නිර්මාණය වූ කම්පනයෙන් අපේ ශ්‍රම බලකාය ආරක්ෂා කර ගැනීමට අපි විශේෂයෙන් අවධානය යොමු කළෙමු.

අපේ සක්‍රීය ශ්‍රම බලකාය මිලියන 8.6 කි. ඉන් මිලියන 3.5කට ආසන්න සංඛ්‍යාවක් පෞද්ගලික අංශයේ සේවයෙහි නිරතව සිටිති. කොවිඩ් පැතිරීම ආරම්භ වූ කාලයේ අප හඳුන්වාදුන් සමාජ ආරක්ෂණ පියවර මගින් ශ්‍රම බලකායේ සෑම අංශයක්ම ආවරණය කෙරිණි.

අප්‍රේල්, මැයි කාලවකවානුව තුළ වඩාත් පීඩාවට පත් ස්වයං රැකියාවල නිරත කණ්ඩායම් සඳහා රු.5,000 බැගින් ස්ථාවර මාසික දීමනාවක් ප්‍රදානය කිරීම ඒ අතර ප්‍රමුඛස්ථානය ගනී. දෛනික වැටුප් ලබන සියලු සේවකයන් සේම පෙරපාසල් ගුරුවරු සහ ස්වයං රැකියාවල නිරත වූවන් වැනි අවදානමට පත් පාර්ශ්ව ඉන් ආවරණය වූහ.

රටෙන් පිටත සේවය කරන විශාල ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව සතුව ඇත. ගුවන් ගමන් සඳහා වාරණ පනවා තිබූ අවස්ථාවේදීත්, විදේශයන්හී සිට ශ්‍රී ලාංකිකයන් 15,000කට ආසන්න පිරිසක් නැවත මව් රටට ගෙන්වා ගන්නා ලදී. මේ තත්ත්වය අපගේ සමස්ත සේවා නියුක්ති ව්‍යුහයට වෙනසක් ඇතිකළද,  අ‍පේ අරමුණ වූයේ සියලු දෙනාගේ ජීවිත ආරක්ෂාවයි.

මේ කාණ්ඩයට අයත් සේවා නියුක්තිකයන්ට,  නැවතත් තමන් කලින් රැකියාව කළ විදේශ රටවලට නොගොස් දේශීය ශ්‍රම වෙළඳ පොළට දායකවීමේ අවස්ථාව නිර්මාණය වී ඇත. මෙය අපේ  වැඩ ලෝකයේ නව මුහුණුවර හැඩගස්වනු ඇත.

ශ්‍රී ලංකාවේ නිපුණතා අංශ පශ්චාත් කොවිඩ් 19 වකවානුවට අනුරූප වන අයුරින් නැවත සිතාබැලීමක් කළ යුතුව තිබේ. අර්බුද සමය තුළ රැකියා අහිමිවූවන් බල ගැන්වීම සඳහා වන අපේ වැඩ සැලැස්මෙන් සේවක නිපුණතා යලි පෙළ ගැස්වීම හා විධිමත් කිරීම සපුරා ගනු ලැබේ.