2020 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අවලංගු කෙරේ

Wednesday, 08 July 2020 - 20:05

2020+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ලබන සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය අවලංගු කිරීමට තීරණය කළ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ආසියානු කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආසියානු ක්‍රිකට් සම්මේලනය ලබන 9 වනදා රැස්වීමට නියමිතව තිබියදීයි.

මෙවර තරගාවලිය පාකිස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබුණද එම අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමටයි ඔවුන් කැමැත්ත පළ කළේ.

ඒ අනුව 2021 වසරේ මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර, 2022 වසරේ පැවැත්වෙන්නේ පාකිස්ථානයේයි.