පිරිසක් කඩිනමින් ඉවත් කිරීමට එජාපය සැරසෙයි (වීඩියෝ)

Wednesday, 08 July 2020 - 20:09

%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ මන්ත්‍රීවරුන් 99 දෙනා අතුරින් මේ වනවිට කරුණු ඉදිරිපත් නොකළ සහ ඒ සඳහා කාලය ඉල්ලා නොසිටි සියලු දෙනාගේ විනය පරීක්ෂණ කඩිනම් කර පක්ෂයෙන් ඉවත් කිරීමට අද රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එම පක්ෂය නීති ලේකම් නීතිඥ නිශ්ශංක නානායක්කාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ වෙනත් පක්ෂවලට සහය ලබාදෙන පළාත් පාලන නියෝජිතයන් වෙනුවට සුදුසු වෙනත් පුද්ගලයන් පත් කිරීමට තීරණය කළ බවයි.

මේ අතර, අත්තනෝමතික ලෙස සමගි ජන බලවේගය විසින් එක්සත් ජාතික පක්ෂයේ වර්ණය වන කොළ පැහැය මහමැතිවරණයේ ප්‍රචාරක කටයුතු සදහා භාවිතා කිරීම වළක්වාලීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා එහි මහලේකම්වරයා මැතිවරණ කොමිසමට ලිපියක් යොමුකර තිබෙනවා.

ඔහු එමගින් සඳහන් කර ඇත්තේ එම කටයුතු නිසා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක වැඩපිළිවෙලට බරපතල අගතියක් සිදුවන බවයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අද දහවල් මැතිවරණ කොමිසම වෙත පැමිණි සිටියා.