රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි

Wednesday, 08 July 2020 - 22:45

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92


වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීම මෙලෙස අදහස් පළවුනා.

තම ආණ්ඩුවක් යටතේ රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකිබව හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ ප්‍රකාශ කළා.

වත්මන් ආණ්ඩුවට එරෙහිව ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය වුවත් එය කැඩුණු එක්සත් ජාතික පක්ෂයට නිර්මාණය කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරෙමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

නොවැම්බර් මාසයේ 16 වනදායින් පසුව ජනතාව බලවත් ආර්ථික අපහසුතාවලට ලක්ව ඇතිබව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.

මැතිවරණ ඉතිහාසයේ ප්‍රතිඵලවලට අනුව මෙවර මැතිවරණයෙන් නියත වශයෙන්ම තම කණ්ඩායම තුනෙන් දෙකක ප්‍රතිශතයක් හිමිකරගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක ප්‍රකාශ කළා.

නිවැරදිව ගණන් බැලුවහොත් ජනාධිපතිවරණයේ දිනපු පක්ෂයට බලාපොරොත්තු වූ ජයග්‍රහණය හිමිව නොමැති බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම්වරයෙකු වූ තිස්ස අත්තනායක ප්‍රකාශ කළා.

සියලු අපේක්ෂකයන්ගේ පැටිකිරිය ජනතාව හොඳින් දන්නාබව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක ප්‍රකාශ කළා.

මේ වනවිට සිදුව ඇත්තේ ලැයිස්තුවක හොඳ මිනිස්සු නොව හොඳ ලැයිස්තුවක් තේරීමට බව ජනතා විමුක්ති පෙරෙමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

සිදුකළ කිසිදු වරදකට ජනතා විමුක්ති පෙරමුණට කිසිදු සමාවක් හිමිනොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළා.

මැතිවරණයේදී විවිධ කිහිලිකරු අවශ්‍ය නොවන බව අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ එස් එම් චන්ද්‍රසේන විසින්.

19 වන සංශෝදනය අනුව දින්නත් දිනුම් පැරදුනත් දිනුම් බව ප්‍රකාශ කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසින්.