කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 57 කට කොරෝනා - උපදේශිකාවක් පොදු ප්‍රවාහන සේවාත් භාවිත කර ඇතැයි හෙළිවේ (වීඩියෝ)

Thursday, 09 July 2020 - 15:30

%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+57+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+-+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29





කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ 450 කට ආසන්න පිරිසකට සිදුකල පී.සී.ආර්. පරීක්ෂාවන්වලදී ඉන් 56 දෙනෙකුටම කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. එසේම, අද උදෑසන නාත්තන්ඩිය - කොට්ටාරමුල්ල ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිත කාන්තාවක් හඳුනා ගෙන ඇති අතර, එම කාන්තාව ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් ලෙස සේවය කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ.

25 හැවිරිදි මෙම කාන්තාව මාරවිල මූලික රෝහලෙන් සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදී කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

ඇය වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවූ කොරෝනා ආසාදිතයාට උපදේශන සේවා සපයා ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, එම කාන්තාව ඇසුරු කළ සමීපතමයින් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

අදාළ උපදේශක කාන්තාව නිවාඩු ලබා නිවසට පැමිණීමේදී පොදු ප්‍රවාහන සේවා භාවිත කර ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ.

අක්කර 70 ක පමණ ප්‍රදේශයක ව්‍යාප්ත වී පවතින කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 472 දෙනෙකු සිටින අතර, නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලයේ 204 දෙනෙකු එහි සේවය කරනවා.

එය අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති මෙරට විශාලතම පුනරුත්ථාපන මධ්‍යස්ථානයයි.

අද හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් 57 දෙනා සහ කටාර් සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී කොරෝනා ආසාදිත බවට තවත් පුද්ගලයෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවද 2152 දක්වා ඉහළ ගියා.

මේ අතර, අද දිනයේ තවත් පුද්ගලයින් 12 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය යාමත් සමඟ පූර්ණ සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද 1979 දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකර ලබන සංඛ්‍යාව 162 ක්.

මේ අතර, කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණෙන ගුවන් මගීන්ට නොමිලේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම සහ ඒවායේ ප්‍රතිඵල නිකුත් කිරීමට නවතම වෛද්‍ය රසායනාගාරයක් කටුනායක ගුවන්තොටුපලේදී අද විවෘත කෙරුණා.

මගීන් 500 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ දිනයක් තුලදී සිදුකිරීමේ හැකියාව මෙහිදී පවතින අතර, මෙම වෛද්‍ය රසායනාගාරය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ස්ථාපිත කරනු ලැබුවේ දිවයිනේ විවිධ රෝහල් සඳහා පරිත්‍යාග ලෙස ලැබී තිබූ රසායනාගාර උපකරණ භාවිත කරමින්.


මාතර - අපරැක්ක ප්‍රදේශයේ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙක් මරුට
Tuesday, 04 August 2020 - 8:47

මාතර - අපරැක්ක ප්‍රදේශයේදී ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ... Read More

කොරෝනා නිසා මත්තල ගුවන් තොටුපලට සිදු වූ දේ මෙන්න
Tuesday, 04 August 2020 - 8:46

කොරෝනා නිසා මත්තල ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු ඉහළටකොරෝනා... Read More

ඇසළ පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය අවසන්
Tuesday, 04 August 2020 - 7:30

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ... Read More